April 28, 2024

දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය හැර යයි - සුපිරි තරඟාවලිය අතර මඟ නවතීද?

ඉන්දියාවේ උද්ගතව ඇති කොරෝනා අර්බුදය හමුවේ දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අත්හැර යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අත්හැර ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඇඩම් සම්පා, කේන් රිචඩ්සන්, ඇන්ඩෲ ටයි ක්‍රීඩකයන් සිටින අතර ඉන්දීයානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ද තරඟාවලියට තාවකාලික විවේකයක් දී තිබේ.

රවිචන්ද්‍රන් අශ්වින් විසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ දැනට පවතින අර්බුදය හමුවේ තමා පවුලේ අය සමඟ සිටිය යුතු බවයි.

ඇන්ඩෲ ටයි විසින් පවසා තිබුණේ ඕස්ට්‍රේලියාව විසින් ඉන්දියාවට ගුවන් ගමන් සීමා පැනවීමට  පෙර සිය රටට යා යුතු බවයි.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයද සිය ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ඉවත් කර ගැනීම සඳහා කටයුතු සුදානම් කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Rate this item
(0 votes)