May 09, 2024

ඉනිම 53ක් පුරා ශතකයක් අහිමි කෝලි ක්‍රීඩාගාරය තුළ යකා නටයි (VIDEO)

September 06, 2021

ලෝකයේ බිහි වූ විශිෂ්ඨ ගණයේ පිතිකරුවෙකු වන විරාට් කෝලි පිළිබඳව ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා.

2019 වසරේ නොවැම්බර් මාසයේ සිට මෙතෙක් ටෙස්ට් ඉනිම 53ක් ක්‍රීඩා කර ඇති විරාට් කෝලි හට එකදු ශතකයක් වාර්තා කරගැනීමට හැකියාවක් ලැබී නැහැ.

කෝලිගේ මෙම ශතක ලබාගැනීමට නොහැකි වීම නිසාම ඔහු අසාර්ථක පිතිකරුවෙකු ලෙස බොහෝ ක්‍රිකට් ලෝලීන් හඳුන්වන්න පටන් අරගෙන.

ඊයේ (05) දිනයේ දී එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීද විරාට් සිය ශතක පිපාසය සංසිඳුවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

සිව්වැනි ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනයේ දී විරාට් විසින් එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී ලකුණු 1000ක් සම්පුර්ණ කරන්නට සමත් වුණා.

කෙසේ වෙතත් විරාට් ලබාගත හැකි වුණේ ලකුණු 44ක් පමණයි.  මොයින් අලී යවන ලද පන්දුවකට ස්ලිප් හී පන්දු රකිමින් සිටි ක්‍රෙයිග් ඕවර්ටෝන් අතට උඩ පන්දුවක් ලබාදෙමින් විරාට් කෝලි දැවී ගියා.

සිය දැවී යාමෙන් අනතුරුව සිදුවූ දේ සිතාගත නොහැකිව සිටි විරාට් පිටියෙන් ඉවත්ව ගිය අතර ක්‍රීඩාගාරය වෙත ගිය ඔහු කෝපයෙන් හැසිරෙන ආකාරය දැකගත හැකි වුණා.

විරාට් එහිදී ක්‍රීඩාගාරය තුළට ඇතුළු වෙනවාත් සමඟ සිය අතින් එහි බිත්තියකට පහර දුන්නා.

අදාළ සිදුවීමේ වීඩියෝව පහතින්,

Rate this item
(3 votes)

Related items