April 26, 2024

ඉන්දීය කණ්ඩායමේ කල්ලි දෙකක්: හේතුව කෝලිගේ නායකත්වය - සොහිබ් අක්තාර්ගේ හෙලිදරව්ව

November 04, 2021

ඉන්දියානු ජාතික ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමේ අර්බුධ මේවන විට ඔඩුදුවා තිබෙනවා.

ඒ අතර ඉන්දියානු ජාතික කණ්ඩායමේ කල්ලි දෙකක් තිබෙන බවටත් තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා.

දක්ෂයාගේ හෙලිදරව්ව

ඒ බැව් හෙළිදරව් කරන්නේ හිටපු දක්ෂ පාකිස්තාන වේග පන්දු යවන්නෙකු වූ සොහිබ් අක්තාර්.

ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ වේගවත්ම පන්දු යවන්නෙකු වන 46 වැනි වියේ පසුවන අක්තාර් සඳහන් කරන්නේ ඉන්දීය කණ්ඩායම තුළ විරාත් කෝලි පක්ෂපාතී හා ඔහුට විරුද්ධ කණ්ඩායමක් සිටින බවයි.

ඉන්දීය කණ්ඩායමේ නායකයා වන විරාත් කෝලිගේ නායකත්ව තීන්දු තීරණ මෙන්ම පිළිවෙතට ඇතැම් ක්‍රීඩකයන් අකමැති බවයි අක්තාර් පෙන්වා දෙන්නේ.

නායකත්වයෙන් සමුගැනීම

ඒ අනුව කණ්ඩායම තුළ තුළ පිල් දෙකක් තිබෙන බව ඉතා පැහැදිලි බව අක්තාර් සඳහන් කරනවා.

මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු ඉන්දීය කණ්ඩායමේ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වීමට කෝලි මේ වන විටත් තීරණය කර අවසන්.

එහෙත් කෝලිට ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය ද අහිමි වීමට තිබෙන ඉඩකඩ වැඩි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ අනුව එම කණ්ඩායම් දෙකේම නායකත්වය රෝහිත් ශර්මාට ලැබෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. 

කෝලිට එරෙහිව පැමිණිලි

මේ වන විටත් රවිචන්ද්‍රන් අශ්වින් තමන්ට කෝලි ගෙන්වන අසාධාරණය පිළිබඳව ඉන්දීය පාලක මණ්ඩලය දැනුවත් කර අවසන්.

ඒ දිගින් දිගටම තමන්ව තරගයට සහභාගි වන 11 අතරින් ඉවත් කර තැබීම ගැන.

කලකට පසු විස්සයි විස්ස තරගයකට සහභාගි වූ අශ්වින් එහිදී නියමිත පන්දු ඕවර 4 තුළ ලකුණු 12ක් ලබා දෙමින් කඩුලු 2 ක් ලබා ගත්තේ විශිෂ්ට දස්කම් දක්වමින්.

ඒ දැන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව.

ඒ හැරුණුකොට චේතස්වර් පූජාරා සහ අජෙයිකන් රහනේද විරාත් කෝලි සම්බන්ධයෙන් පාලක මණ්ඩලයට පැමිණිලි කොට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 November 2021 17:18

Related items