April 23, 2024

ඉන්දියාව කැත වැඩක් කරලා: ඇෆ්ගන් තරගය කලින් සැලසුම් කළ බවට චෝදනා!

November 05, 2021

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි තවත් මතභේදාත්මක ප්‍රශ්නයක පැටලී තිබෙනවා.

ඒ ඉකුත් 3 දා පැවති ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර ලෝක ශුරතා විස්සයි විස්ස තරගය කලින් සැලසුම් කළ (FIX) තරගයක් බවට චෝදනා එල්ල වීම නිසා යි.

වැදගත් වූ තරගය

එම තරගයේ ඉන්දියාවට ඉතා වැදගත් වූයේ තරගයෙන් ජයග්‍රහණය කිරීම පමණක් නොවෙයි.

තරගය ආරම්භ වීමට පෙර ඍණ මට්ටමේ තිබූ දළ ලකුණු වේගය (NET RUN RATE) ධන මට්ටම දක්වා වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවය ද ඉන්දියාවට තදින්ම තිබුණා.

ඒ නවසීලන්තය යම් තරගයක් පරාජය වුවහොත් අවසාන පූර්ව වටයට (SEMI FINAL) කණ්ඩායම් තෝරා ගැනීමේදී සලකා බැලෙන්නේ කණ්ඩායම් ලබාගත් දළ ලකුණු වේගය වීම නිසා යි.

ජය ගත යුතු ඉලක්කය

මේ නිසා ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගය ඉන්දියාව ලකුණු 64කින් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළහොත් ඉන්දියාවේ දළ ලකුණු වේගය ධන මට්ටමට පැමිණීමට නියමිතව තිබුණා.

ඒ සඳහා ඉන්දියාව අනුගමනය කළ යුතු එකම පිළිවෙත වූයේ පන්දුවට ප්‍රථමයෙන් පහරදී විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇෆ්ගනිස්ථානය ලකුණු 64 කට වැඩි සීමාවකින් පරාජය කිරීමයි.

මේ නිසා තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට ඉතා වැදගත් වුණා.

කාසියේ වාසිය

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළහොත් පළමුවෙන් පන්දුවට පහර දීමටයි ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටියේ.

එහෙත් ඉන්දීය නායක විරාත් කෝලි කාසියේ වාසිය පරාජය වූ අතර ඇෆ්ගනිස්ථාන නායක මොහොමඩ් නබී කාසියේ වාසිය ජයග්‍රහණය කළා.

ඉන් පසුව කෝලි ඇෆ්ගනිස්තාන නායක නබීට අතට අතදී සුභ පැතුම් අවස්ථාවේ සඳහන් කර තිබෙන්නේ "ඔය ගොල්ල පළමුවෙන්ම පන්දු යවන්න" කියලයි.

ප්‍රකාශය පටිගත වීම

කෝලිගේ මෙම ප්‍රකාශය ඒ අවස්ථාවේ එතැන තිබූ මයික්‍රෆෝනවල පටිගත වී තිබෙනවා.

එපමණක් නොව කාසියේ වාසිය උරගා බැලීමට සම්බන්ධ වූ තරග තීරක ඩේවිඩ් බූන්ට පවා මෙය ඇසී තිබෙනවා.

විරාත් කෝලි කළ ඉල්ලීමට හෝ කලින් සැලසුම් කර ගත් පරිදි හෝ ඇෆ්ගනිස්තාන නායකයා පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගය අවසන් වූයේ ඉන්දියාවට අවශ්‍ය ආකාරයට යි.

අතහැරි උඩ පන්දුව

ඉන්දියාව කඩුලු 2කට ලකුණු 210 ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්තානය ලබා ගත්තේ කඩුළු 7ක් දැවී ලකුණු 144 ක්.

ඒ අනුව ඉන්දියාව ලකුණු 66 කින් ජයග්‍රහණය කර තමන්ගේ දළ ලකුණු වේගය ධන මට්ටමට ගෙන ආවා.

එම තරගයේදී ඉතා වේගවත් පිතිහරඹයක නියැලෙමින් සිටී ඉන්දීය පිතිකරු හර්දික් පාන්ඩියා ලබා දුන් පහසු උඩ පන්දුවක් ඇෆ්ගනිස්ථානයේ ගුලාබ්දින් නයිබ් අතහැරීම ද සැක කටයුතු සිද්ධියක් බවටයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්ථාන නායක මොහොමඩ් නබි වසර ගණනාවක පටන් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගි වීම මත ඉන්දීය ක්‍රිකට් සමග ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයක්.

වැඩිදුර කියවන්න: කෝලිගේ වැඩ නිසා ඉන්දීය කණ්ඩායම දෙකඩ වෙයි!

Rate this item
(3 votes)
Last modified on Friday, 05 November 2021 18:45