May 05, 2024

මතභේදයට තුඩුදුන් ඉන්දියාවේ වංචනික ක්‍රියාව

September 03, 2021

එංගලන්තය හා ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් තරඟය නිමාවට පත්වුණේ එංගලන්තයට ඉනිමක සහ ලකුණු 76 ක ජයක් හිමිකර දෙමින්. මෙහිදී ඉන්දියාවට තම පළමු ඉනිම සඳහා ලබාගැනීමට හකිවූයේ ලකුණු 78 ක් පමණයි. තම පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 432 ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් අගනා ශතකයක් ලබාගැනීමට සමත්වුණා.

මෙම තරඟයේ දෙවන දිනයේ තුන් වන සැසිය ආරම්භවීමට පෙර විනිසුරු කරුවන් විසින් කඩුලු රකින රිෂාබ් පාන්ත්ට අවවාද කරන ආකාරය දකින්නට ලැබුණා. එයට හේතුව වී ඇත්තේ ක්‍රිකට් නීති රීති වලට අනුකූලව කඩුළු රකින්නකු ගේ අත් ආවරණ තුළ මහපට ඇඟිල්ල සහ දර්ශක ඇඟිල්ල අතර සම්බන්ධතාවයක් තිබීම නීත්‍යානුකූල නමුත් නීතිරීතිවලට අනුකූලව 27- 2:1 සහ 27 යන වගන්ති යටතේ කඩුලු රකින අත් ආවරයේ අන් කිසිදු ඇඟිල්ලක් අතරේ සම්බන්ධතාවයක් නොතිබිය යුතු‍ වීමයි.

කෙසේ වෙතත් ඉන්දියානු කඩුලු රකින රිෂාබ් පාන්ත් තම ආවරණයේ ඇඟිලි අතර ප්ලාස්ටික් පටියකින් සම්බන්ධ කර තිබීම විශාල කතාබහකට ලක්වූ කාරණාවක් වුණා. රිෂාබ් පාන්ත් හට විනිසුරු කරුවන්ගෙන් දැඩි අවවාද ලැබුණු අතර, විශේෂත්වයක් වන්නේ ඉන් පෙර රිෂාඩ් රැකගත් උඩ පන්දුවෙන් දැවී ගිය ඩේවිඩ් මල‍ර් නැවත පිටියට කැඳවිය යුතු බවට විස්තර විචාරකයෙකු වූ ඩේවිඩ් ලොවින් තර්ක ඉදිරිපත් කළේ, මෙය නීති විරෝධී ක්‍රියාවක් ලෙස පෙන්වා දෙමින්. කෙසේ නමුත් අනාවරණය වුණේ මෙම තරගයේදී පමණක් නොව මෙම තරගාවලියේ පසුගිය තරඟ තුළදීත් මේ ආකාරයේ අත් ආවරණ රිෂාඩ් භාවිතා කළ බවයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 03 September 2021 02:30