May 15, 2024

ලංකාවට අනතුරු ඇඟවීමක්

එක්දින තරඟ 3 කට සහ T-20 තරඟ 3 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ අවසන්. 

දකුණු අප්‍රිකානු ප්‍රබල පිතිකරු ක්වින්ටන් ඩිකොක් එක්දින තරඟාවලියේ දී විවේක ගන්වා ඇති බවයි වාර්තාවන්නේ. තවද ලුන්ගී එන්ගින්ඩි, ඩේවිඩ් මිලර් සහ ජූනියර් ඩලා යන ක්‍රීඩකයින් ද එක්දින සංචිතයට නම් කොට නැහැ.

දෙරට අතර එක්දින තරඟ සැප්තැම්බර් 02, 04, 07 දින වලදී පැවැත්වීමට නියමිත අතර T-20 තරඟාවලිය සැප්තැම්බර් මස 10, 12, 14 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර පසුගිය කාලයේ දී තරගාවලියට අදාළව මාධ්‍ය හමුවක දී දකුණු අප්‍රිකානු නායක ටෙන්ඩර් බොව්මර් ප්‍රකාශයන් කීපයක්ම සිදුකර තිබුණා.

ඔහු ප්‍රකාශ කර සිටියේ "2014 වර්ෂය සහ 2018 යන වර්ෂවල දී අවසන් වරට ලංකාවේදී පැවැති තරඟාවලි දෙකම ජය ගැනීමට අපට හැකිවුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී පරාජය කිරීම ලේසි නැති උනත්, මම විශ්වාස කරනවා අපිට ඒක කරන්න පුළුවන් කියලා. අපේ දඟ පන්දු යවන්නන් ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔවුන් ඔවුන්ගේ කාර්යය හොඳින් ඉටු කරාවි. කණ්ඩායමක් ලෙස එකමුතුව අපි මේ තරගාවලිය ජය ගැනීමට බලාපොරොත්තු වෙනවා. ලාංකීය ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳව මෙන්ම අනික් දේවල් හැම දෙයක් ගැනම හොඳින් දන්නවා. ඔවුන් ඒ දේවල් වලට පුරුදුයි. අපිට එය විශාල අභියෝගයක් වෙයි. අපිට මේ දේශගුණයට ඉක්මනින් හුරුවෙන්න සිදුවෙයි” යනුවෙන් දකුණු අප්‍රිකානු නායකයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

තරඟාවලියේ සියලුම තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා.

Rate this item
(0 votes)