April 27, 2024

බලධාරීන්ට කනේ පහරක්! දැවැන්ත හයේ පහරකින් භානුක එක්දින දිවිය අරඹයි!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක් දින තරගය මේවන විට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 76 ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස ලකුණු 32ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවකට මනීෂ් පාන්ඩේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

අවිශ්කගේ කඩුල්ලෙන් පසුව පිටියට පැමිණියේ දිගු කලක් තිස්සේ අවස්ථාව අහිමිව සිටි භානුක රාජපක්ෂ යි.

සිය දිවියේ පළමු ජාත්‍යන්තර එක් දින තරගයේ ලකුණු ලබා ගැනීම දැවැන්ත හයේ පහරකින් ආරම්භ කිරීමට ඔහු කටයුතු කළේ මෙතෙක් කල් තමන්ව කපා දැමූ බලධාරීන්ට එල්ල කළ කනේ පහරක් ලෙස යි.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට භානුක ලකුණු 18 ක් ලබා සිටිනවා.

මෙතෙක් ඔහු එක් හතරේ පහරක් සහ හයේ පහරවල් 2 ක් එල්ල කර තිබෙනවා.

අනෙක් පස ක්‍රීඩා කරන මිනෝද් භානුක ලබා සිටින ලකුණු ගණන 20ක්.

අවසන් වූයේ තරගයේ 14 වැනි පන්දු වාරය යි.

Rate this item
(0 votes)