May 08, 2024

ඉන්දීය ක්‍රීඩයෙකු අමාරුවේ වැටෙයි - දෙවන T20 තරගය කල් යයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කුර්නාල් පාණ්ඩ්‍යා කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බවට තහවුරු වී තිබෙන බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අද (27) පැවැත්වීමට තිබූ දෙවන T20 තරඟය හෙට (28) දිනය දක්වා කල් දැමීමට බලධාරීන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කණ්ඩායම් දෙකම හුදකලා කරන්නටද බලධාරීන් කටයුතු කරලා.

කුර්නාල් සමඟ සමීපව කටයුතු කළ සියලු ක්‍රීඩකයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

දැනට පවතින තත්ත්වය නිසා තරගය අද දිනයේ පැවැත්වීමට කිසිදු හැකියාවක් නොමැති බවයි සඳහන් වන්නේ.

එංගලන්ත සංචාරය සඳහා යෑමට නියමිතව සිටි සුර්ය කුමාර් යාදව් සහ පෘථිවි ෂෝව් යන ක්‍රීඩකයන් දෙදෙනාවද මේ වන විට හුදකලා කර ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

දැනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් 08 දෙනෙකු විශේෂ අවධානය යටතේ හුදකලා කර තිබෙනවා.

තරඟාවලිය දැනට 1-0ක් ලෙස ඉන්දියානු කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 16:32