May 09, 2024

ඉන්දීය ඉනිම අවසන් - ශ්‍රී ලංකාවට ලද ඉලක්කය මෙන්න

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ පළමු 20විස්ස තරගයේ ඉන්දීය ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ර්‍ශී ලංකා නායක දසුන් ශානක ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලබා ගත් ලකුණු ගණන 164ක්.

තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 165ක් ලබා ගත යුතුව පවතිනවා.

ඉන්දීය ඉනිමෙහි පළමු කඩුල්ල, තරගයේ පළමු පන්දුවේදීම දවාගන්නට දුෂ්මන්ත චමීර සමත් වුණා.

ලකුණු 0කට ප්‍රිත්වි ශාව් එලෙස දැවී ගියා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සූර්යකුමාර් යාදේව් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූවා.

කෙසේ වෙතත් ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඔහු දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දුවකට යි.

නායක ශිකර් ධවාන් ලකුණු 46ක් රැස් කළේ පන්දු 36කට යි.

අද දින 20විස්ස වරම් හිමිකරගත් චාමික කරුණාරත්නගේ පළමුවැනි කඩුල්ල ලෙස ධවාන් දැවී ගියේ අශේන් බණ්ඩාර වෙත උඩපන්දුවක් ලබා දෙමින්.

සංජු සැම්සන් ලකුණු 27ක් සහ හර්දික් පන්ඩ්‍යා ලකුණු 10ක් ලබා සිටිය දී දැවී ගියා.

ඉනිම අවසන්වන විට නොදැවී ක්‍රීඩා කළ ඉෂාන් කිෂන් ලකුණු 20කුත් කෘනල් පන්ඩ්‍යා ලකුණු 03කුත් ලබා සිටියා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුළු 02 බැගිනුත්, චාමික කරුණාරත්න එක් කඩුල්ලකුත් ලබා ගත්තා.

මේවන විට ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පිළිතුරු ඉනිම ඇරඹීමට සූදානම්ව සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 July 2021 23:29