May 08, 2024

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු 20විස්ස ක්‍රිකට් තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිත යි.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මීට සුළු මොහොතකට පෙර සිදු වූවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක කාසියේ වාසිය හිමිකරගත්තා.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිත යි.

මේ අතර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව භානුක රාජපක්ෂ හට අහිමි වී ගොස් ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

ඒ ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙන්.

භානුක රාජපක්ෂගේ ඇඟිල්ලක මෙම ආබාධය හටගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ආබාධයකට ලක්ව අවසන් එක් දින තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ වනිඳු හසරංග අද තරගයට එක්වනු ඇති බව වාර්තා වූවා.

දෙරට අතර 20විස්ස තරගාවලිය තරග 03කින් සමන්විතවන අතර එහි පළමු තරගය අද රාත්‍රී 8.00ට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත යි.

එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ ඉන්දියාව යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 July 2021 19:50