April 30, 2024

ලංකා ප්‍රිමියර් ලීග් කල් දැම්ම හේතුව එළියට

ලෝකයේ ක්‍රිකට් ප්‍රීමියර් ලීග් තරඟාවලි අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පසුගිය වසරේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය කල් දැමීමට ලංකා ප්‍රිමියර් ලීග් නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරඟාවලිය මෙම මාසයේ 29 වැනිදා ආරම්භ කිරීමට තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය 2021 නොවැම්බර් 19 සිට 2021 දෙසැම්බර් 12 දක්වා පැවැත්වීමට සංවිධායකයන් තීරණය කරලා තියෙනවා.

මෙලෙස තරඟාවලිය කල් දැමීමට හේතුව ලෙස ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයන් පෙන්වා දෙන්නේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ක්‍රීඩකයන්ට මෙමඟින් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සම්බන්ධ වීමට කාලය ලැබීමයි.

ලංකා ප්‍රිමියර් ලීග් කල් දැමීමට පෙර පැවැත්වීම සඳහා තීරණය කර තිබූ කාල සීමාව තුළ ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ කාර්යබහුල තත්ත්වයක් ඇතිවනු ඇති බවට තක්සේරු කිරීමෙන් අනතුරුව සංවිධාකයින් මෙම තිරණ ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම තරඟාවලියේ සාර්ථකත්වය ඉතාමත් වැදගත් හෙයින් මෙම තීරණය ගත්ත බවටද ලංකා ප්‍රිමියර් ලීග් සංවිධාකයන් පවසා තිබුණා.

Rate this item
(0 votes)