April 28, 2024

ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව අලුත් කරමින් නවසීලන්තයට විශිෂ්ට ජයක්

පුරා වසර 02ක් පුරාවට ටෙස්ට් කණ්ඩායම් 09ක් සහභාගී වෙමින් පැවැත්වූ ලෝක ටෙස්ට් ශූරතාවය දිනා ගැනීමට අද (23) දිනයේ නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පළමු වතාවට ක්‍රිකට් ලෝක කුසලානය පහස ලබාගැනීමට සමත් වුණා.

පසුගිය 18 වැනිදා එංගලන්තයේ සදම්ටන් හී රෝස් බෝල් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ මෙම ටෙස්ට් ලෝක ශූරතා තරඟාවලියේ අවසන් තරඟය දින 02ක් වර්ෂාව හේතුවෙන් අහිමිව යද්දී ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ තරගයේ අවසන් ප්‍රතිඵලය කුමක් වේවිදැයි යන්න පිළිබඳව දැඩි කුතුහලයක් ඇතිව තිබුණා.

පළමු පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 217ක් රැස් කරගත්තා.

පිළිතුරු ඉනිම ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 249ක් රැස් කරගැනීමට සමත් වුණා.

ලකුණු 32ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට එම ඉනිම තුළ රැස්කර ගැනීමට හැකි වුණේ සියලු දෙනා දැවී ලකුණු 170ක් පමණයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 138ක ඉලක්කයක් හිමි වූ නවසීලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිමේ මුල් කඩුළු 2ක අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් නවසීලන්ත කණ්ඩායමේ ජ්‍යේශ්ඨම පිතිකරුවන් යුවලක් වන රොස් ටේලර් සහ නායක කේන් විලියම්සන් විසින් නවසීලන්තය ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වුණා.

Rate this item
(0 votes)