March 29, 2024

විරාට් කෝලිගේ ආසාර්ථකත්වය හමුවේ අහිමි වුණු ශතක වාර්තාව

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය මේ වන විට එංගලන්තයේ සදම්ටන් හී පැවැත්වෙමින් තිබෙනවා.

ඉන්දියානු පළමු ඉනිම ලකුණු 217කට සීමා වුණු අතර කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ අජින්ක්‍යා රහානේ හට පමණයි, ඔහු ලකුණු 49ක් රැස් කරගැනීමට සමත් වුණා.

ටෙස්ට් ශූරතා තරඟාවලියේ දී ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටි විරාට් කෝලි මෙවරද අසාර්ථක වුණා.

කාලයක් ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා බවට පත්ව සිටි විරාට් 2019 වසරේ නොවැම්බර් 22 වැනිදා කොල්කටා හී පැවැති බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟයෙන් පසුව තවමත් ටෙස්ට් පිටිය තුළ සාර්ථක වන්නට හැකියාවක් ලැබී නැහැ.

විරාට් කෝලි විසින් අවසන් වරට ටෙස්ට් ශතකයක් ලබාගත්තේ ද එම තරඟාවලිය තුළදී. කෙසේ වෙතත් ඔහු අද දිනයේ ලකුණු 7500 සීමාව පසුකරන්නට සමත් වන්නේ ටෙස්ට් තරඟ 90කදී ඉනිම 154කදී ශතක 27ක්, අර්ධ ශතක 25ක් සහ ද්වීත්ව ශතක 7ක්ද සමඟිනි.

එම සීමාව පසුකර වේගවත්ම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නටද විරාට් එහිදී හැකියාව ලැබුණා. 

කෙසේ වෙතත් නායකයෙකු ලෙස ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ නායකයෙකු ලෙස වැඩිම ශතක ප්‍රමාණයක් හිමි වාර්තාව අද දිනයේ විරාට් විසින් බිඳ හෙලනු ඇති බවට ලෝකයේ බොහෝ ක්‍රිකට් ලෝලීන් පිරිසක් විසින් උපේක්ෂා සහගතව බලා සිටියත් එම වාර්තාව බිඳ හෙලන්නට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඔහු අද පන්දු 132කට මුහුණ දී ලබාගත්තේ ලකුණු 44ක් පමණයි.

ඒ අනුව විරාට් කෝලි ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රිකී පොන්ටින් සමඟ එම වාර්තාවේ තවමත් සමතැන්ව සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 June 2021 20:13

Related items