ටෙස්ට් ලෝක කුසලානය වැනි තරඟාවලියක් එංගලන්තයේ පැවැත්වීම සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙනවා.
එයට හේතුවී තිබුණේ දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි වීමයි.
නවසීලන්ත සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම තරඟාවලිය එංගලන්තයේ දී සදම්ටන් හී රෝස් බෝල් ක්‍රීඩාංගණයේ දී පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර පළමු දිනය වර්ෂාව හේතුවෙන් අත හරින්නට සිදුවුණා.
අද (21) තරඟාවලියේ 04 වැනි දිනය වන අතර වර්ෂාව හේතුවෙන් අදත් තරගයට බාධා එල්ල වුණා.
කෙවින් විසින් සිය අප්‍රසාදය පළ කරමින් පවසා තිබුණේ මෙවන් ඉතාමත් වැදගත් තරඟාවලියක් එංගලන්තය වැනි රටක නොපැවැත්විය යුතුව තිබු බවයි. ඒ සඳහා වෙනත් තෝරා ගැනීමට හැකි ස්ථානයන් තිබූ බවත් කෙවින් පවසා තිබුණා.
එහිදී ඔහු යෝජනා කර තිබුණේ ඩුබායි හිදී මෙම තරඟාවලිය පැවැත්වීමට යෝග්‍යව තිබු බවයි. එයට හේතුව ලෙස ඔහු පවසා තිබුණේ අපේක්ෂා කළ හැකි යහපත් කාලගුණික තත්ත්වයක් තිබීම, මධ්‍යස්ථ ස්ථානයක් වීම, ඉහළ තත්ත්වයේ ක්‍රීඩාංගණය තිබීම, උසස් තත්ත්වයේ පුහුණුවීම් පහසුකම් තිබීම, එමෙන්ම ලෝකය පුරාවටම විහිදුණු ගමනාගමන සේවයක් පැවතීමයි.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මුලාස්ථානය ඩුබායිවල පිහිටා තිබීම විශේෂත්වයක් ලෙස කෙවින් විසින් සඳහන් කර තිබුණා.