April 25, 2024

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක ධනස්කන්ධයක්

ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතාව‍යේ අවසාන මහා තරඟය සඳහා ඇත්තේ තව දින දෙකකි. මෙම ලෝක කුසලාන තරඟාවලිය 2019 අගෝස්තු පළමුවෙනිදා ඕස්ට්‍රේලියාව සහ එංගලන්ත‍ය අතර පැවති අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ආරම්භ වුණා.

2010 වර්ෂයේදී ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්නට තීරණය කෙරුවත් අවුරුදු දහයක පමණ සීමාවක් ගතවන තුරුත් එකදු හෝ තරඟයක් පැවැත්වීමට නොහැකි වුණා. 2013 වර්ෂයේ සහ 2017 වර්ෂයේ දී තරඟාවලිය ආරම්භ කරන්නට උත්සාහ දැරුවත් එම උත්සාහයන් දෙකම අවලංගු කරන්නට වුණා.

මෙම ලෝක කුසලාන තරඟාවලියට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දොලහෙන් රටවල් නවයක් තරඟ වැදීමට සුදුසුකම් ලැබුවා. සෑම කණ්ඩායමකටම තරඟ හය බැගින් තරග වැදීමට නියම වූ අතර තරඟ තුනක් තම රටේත් අනෙක් තරඟ තුන රටෙන් පිටතත් පැවැත්වීමටයි සැලසුම් සකස් වුණේ. 

ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරඟාවලියේ සෑම කණ්ඩායමකටම තමන් සහභාගි වන එක් තරඟාවලියක් සඳහා උපරිම ලකුණු 120 ලබාගත හැකියි. ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභී රටවල් දෙක අවසාන මහා තරගයට තේරී පත්වෙනවා. අවසාන තරඟය ජය පැරදුමෙන් තොර වූණොත් තරඟ වදින රටවල් දෙකටම සම ශූරතාව හිමි වනවා. නමුත් කොවිඩ්-19 වසංගත තත්වය නිසාම තරඟාවලින් කිහිපයක්ම අතහැර දැමීමට හෝ කල් දැමීමට සිදුවුණා.  

2020 වර්ෂයේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පවසා සිටියේ ඒ මොහොත වන විට ලබා සිටින ලකුණු තත්වය සැලකිල්ලට ගෙන අවසාන තරගයට ක්‍රීඩා කරන රටවල් දෙක තීරණය කරන බවයි.

 ලෝක ටෙස්ට් ශූරතාවය (2019-2021) - ලකුණු සටහන

Pos

Team

Matches

Won

Lost

Drawn

NR

Points

PCT

1

India

17

12

4

1

0

520

72.2

2

New Zealand

11

7

4

0

0

420

70.0

3

Australia

14

8

4

2

0

332

69.2

4

England

21

11

7

3

0

442

64.1

5

Pakistan

12

4

5

3

0

286

43.3

6

West Indies

11

3

6

2

0

200

33.3

7

South Africa

11

3

8

0

0

144

30.0

8

Sri Lanka

12

2

6

4

0

200

27.8

9

Bangladesh

7

0

6

1

0

20

0.48

මෙම ලකුණු සටහනට අනුව නවසීලන්තය සහ ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එම තරඟය ජුනි 18 සිට 22 දක්වා එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

මේ අතර ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ලබාදෙන ත්‍යාග මුදල් පිළිබඳව අන්තර්ජාතික වශයෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ජයග්‍රහණ කරන කණ්ඩායමට : ඇමරිකානු ඩොලර් - 1,600,000

අනුශූරතාව සඳහා : ඇමරිකානු ඩොලර් - 800,000

තුන්වන ස්ථානය සඳහා : ඇමරිකානු ඩොලර් - 450,000

සිව්වන ස්ථානය සඳහා : ඇමරිකානු ඩොලර් - 350,000

පස්වන ස්ථානය සඳහා : ඇමෙරිකානු ඩොලර් - 200,000

හයවන ස්ථානයේ සිට නවවන ස්ථානය දක්වා එක් කණ්ඩායමක් සඳහා : ඇමරිකානු ඩොලර් - 100,000 වශයෙන් දැවැන්ත මුදලක් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය සංවිධානයකර තිබෙනවා. 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 June 2021 09:44