April 28, 2024

ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරගය අද ඇරඹෙයි

පුරා වසර 2ක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 09ක් උරට උර ගැටෙමින් පැවැති ටෙස්ට් තරඟ මාලාවකින් පසුව අද (18) දිනයේ එංගලන්ත වේලාවෙන් උදෑසන 10.30ට ලෝක ටෙස්ට් ශූරතාවය සඳහා වූ තරගය දැනට ලෝකයේ නොම්මර 1 ටෙස්ට් කණ්ඩායම වන නවසීලන්ත කණ්ඩායම සහ නොම්මර 2 පසුවන ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් පිහිටි හැම්ප්ෂයර් බෝල් ක්‍රීඩාංගණයේ දීය.

මේ වන විටත් දෙරට අතරින් තරඟාවලිය සඳහා තරඟ වදින සිය කණ්ඩායම් දෙක නම් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ලෝක කුසලානය සඳහා තරඟ වදින්නේ විරාට් කෝලි (නායක), රෝහිත් ෂර්මා, ෂුබ්මන් ගිල්, චෙටේශ්වර් පුජාරා, අජින්ක්‍යා රහානේ, රිෂාබ් පාන්ට්, රවින්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් ෂාමි, ජස්ප්‍රිත් බුම්රා, ඉෂාන්ත් ෂර්මා, මොහොමඩ් සිරාජ්, හනුමා විහාරි වන ක්‍රීඩකයන්ය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් කේන් විලියම්සන් (නායක), ටොම් බ්ලන්ඩෙල්, ට්‍රෙන්ට් බෝල්ට්, ඩෙවොන් කොන්වේ, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මැට් හෙන්රි, කයිල් ජේමිසන්, ටොම් ලතම්, හෙන්රි නිකල්ස්, අජාස් පටෙල්, ටිම් සවුති, රොස් ටේලර්, නීල් වැග්නර්, බී. ජේ. වැට්ලින්ග්, විල් යන්ග් යන ක්‍රීඩකයන් තරඟ වැදීමට නියමිතව තිබෙනවා.

මෙවර කුසලානයක් වෙනුවට සංකෝලයක් ලබාදීමටද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා.

Rate this item
(0 votes)