April 27, 2024

ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලියේ දී කුමාර් සංගක්කාරටත් භාර ධූර රාජකාරියක්

ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර හටද භාර ධූර රාජකාරියක් හිමිව තිබේ.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් ලෝක කුසලානයේ විස්තර විචාරය සඳහා නම් කර ඇති කණ්ඩායමට කුමාර් සංගක්කාර ද ඇතුළත්ව සිටියි.

මෙම නම් කර ඇති පිරිසේ සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉහළම සේවය කළ පිරිසක් ලෙසද හැඳින් විය හැකිය.

එමෙන්ම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ විස්තර විචාරය සඳහා කාන්තා විස්තර විචාරිනියක්ද කැඳවා තිබීමද විශේෂත්වයකි. ඇය ඉශා ගුහා වන අතර ඇයි එංගලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවක්ද වෙනවා.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති විස්තර විචාරකයන් වන්නේ,

සුනිල් ගවස්කාර් (ඉන්දියාව)

නසාර් හුසේන් (එංගලන්තය)

සයිමන් ඩෝල් (නවසීලන්තය)

ඉශා ගුහා (එංගලන්ත)

ඉයන් බිශෝප් ( බටහිර කොදෙව්)

මයිකල් ආතර්ටන් (එංගලන්තය)

ක්‍රේග් මැක්මිලන් (නවසීලන්තය)

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)

Rate this item
(1 Vote)