April 28, 2024

ටෙස්ට් ලෝක කුසලානය ගැන ICC ය ගත් හදිසි තීරණය

ලෝකයේ සිටින මිලියන සංඛ්‍යාවක් ක්‍රිකට් ලෝලීන් විසින් දැඩි අවධානයෙන් බලා සිටි නවසීලන්තය සහ ඉන්දීයාව අතර ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලියේ පළමු දින වන අද (18) අයහපත් කාලගුණික තත්ත්වය නිසා අත්හැර දමන්නට සිදුවුණා.

මේ හේතුවෙන් ක්‍රිකට් ලෝලීන් අතර තරඟාවලිය දින 04කට පමණක් සිමා වෙතැයි යන අදහස මතුවෙමින් තිබෙනවා.ො

නමුත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මේ සම්බන්ධව තීරණයකට පැමිණ තිබෙනවා. ඒ අත්හැර දමන ලද දිනය වෙනුවට “සංචිත දිනයක් (Reserve Day)” භාවිත කිරීම සම්බන්ධවයි. ෙ

ඒ අනුව ජුනි 18 වෙනිදා සිට 22 දෙවැනිදා දක්වා පැවැත්වීමට තිබුණත්, එක් දිනයක් අත්හැර දැමීම නිසා ජුනි 23 වැනිදා සංචිත දිනයක් ලෙස භාවිත කිරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව පවතින බව සඳහන් වෙනවා.

නමුත් මෙය ඉදිරි දින 04 තුළ තරඟය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බැලීමෙන් අනතුරුව ගනු ලබන තීරණයක් බවයි වාර්තා වෙන්නේ. මෙම නව ක්‍රමවේදය අනුගමනය කිරීම ආරම්භ කර තිබුණේ ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කිරීමට මත්තෙන් 2018 වසරේ දීය.

Rate this item
(0 votes)

Related items