May 19, 2024

20 -20 ලෝක කුසලානය ගැන වසීම් අක්‍රම්ගෙන් අනාවැකියක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලානය දිනා ගැනීමට වැඩි අවස්ථා තිබෙන රටවල් හහතරක් පිළිබඳව පකිස්ථානු කණ්ඩායමේ හිටපු නායකයකු සහ වේග පන්දු යවන්නෙකු වශයෙන් කටයුතු කළ වසීම් අක්‍රම් අනාවැකියක් පළ කර ඇත.

විදෙස් පුවත්පතට අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ ඉන්දියානු කණ්ඩායමට මෙම කණ්ඩායම් හතර අතුරෙන් 20 -20 ලෝක කුසලානය ජයග්‍රහනය කිරීමට වැඩි ඉඩකඩක් තිබෙන බවයි.

"මම හිතන විදියට ඉන්දියානු කණ්ඩායමට 20-20 ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කිරීමට විශාල අවස්ථාවක් තියෙනවා. ඔවුන් මේ වන විට 20-20 තරඟ ආකෘතිය තුළ ඉතාම හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම් වලටත් 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේම අමතක කරන්න හොඳ නෑ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පිළිබඳව. ඔවුන්ගේ සම්පූර්ණ කණ්ඩායම ක්‍රීඩා කරන විට ජයග්‍රහණය කිරීමට අපහසුවක් නෑ" යනුවෙන් ද වසීම් අක්‍රම් වැඩිදුරටත් පවසා තිබුණි.

එසේම පාකිස්තානු කණ්ඩායමට ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට ඇති හැකියාව පිළිබඳව අදහස් දක්වමින් වසීම් අක්‍රම් පවසා ඇත්තේ "පකිස්තානුවෙක් විදිහට මම ගොඩක් කැමතියි පකිස්තානයට මෙම තරඟාවලි ජයග්‍රහණය කරන්න පුළුවන් නම්. නමුත් ඊට කලින් ඔවුන්ට නිවැරදි කණ්ඩායමක් නිර්මාණය කරගන්න ඕන. ඔවුන්ගේ මුල් පිතිකරුවන් හය දෙනා පළමුව නිවැරදි හඳුනාගෙන පෙළගස්වා ගතයුතුයි. ඔවුන්ට එය නිවැරදිව කරන්න පුළුවන් නම් ඔවුන්ටත් ඉතාම හොඳ අවස්ථාවක් තිබෙනවා" යි වසීම් අක්‍රම් ප්‍රකාශකර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 May 2021 08:47