April 26, 2024

"ආපු අතක් බලාගෙන යනවා - තාත්තාගේ පුංචි හුරතලා" - ලංකාවේ ප්‍රේක්ෂකයන් ගෝල් ග්ලැඩියේටර්ස් විදෙස් ක්‍රීඩක අසාම් ඛාන්ට අපහාස කරයි

December 15, 2020

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට පාකිස්ථානයේ සිට පැමිණි අසාම් ඛාන් හට ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ගිනුමට මෙරට ප්‍රේක්ෂකයන් කිහිප දෙදෙනෙකු අපහාසාත්මක පණිවිඩ යවා තිබේ.

හිටපු පාකිස්ථාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ කඩුළු රකින ක්‍රීඩකයෙකු වන මොයින් ඛාන්ගේ පුත්‍රයා ද වන අසාම් ඛාන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩකයා ලෙසද කටයුතු කළේය.

මොයින් ඛාන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන්ද කටයුතු කරනු ලබයි.

අසාම් ඛාන් ඉනිම් කිහිපයක අසාර්ථක වූවත් තවත් අවස්ථාවක ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කටයුතු කළේය.

අසාම් ඛාන් හට මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකු විසින් "මේ රටට ආවේ ඇයි? ක්‍රිකට් නොගහා තමන්ගේ රටට ගිහින් වැඩක් බලාගෙන ඉන්න" , "ඔබ මොනවද මෙහෙ කරන්නේ? තාත්තාගේ පුංචි හුරතල් බලු පැටියා.." වැනි අපහාසාත්මක ප්‍රේක්ෂකයන් විසින් සිදු කර තිබුණි.

එම ප්‍රකාශයන්ගේ ඡායාරූප කිහිපයක් ද අසාම් ඛාන්ගේ ට්විටර් ගිනුමේ ඔහු විසින්ම පළ කර තිබුණු අතර ඔහු එයට පිළිතුරු ලෙස සඳහන් කර තිබුණේ "මේ තමයි මම පැමිණීමට හේතුව වුණේ, ග්ලැඩියේටර්ස්ලා අවසානයට පැමිණියේ" යැයි සඳහන් කර තිබුණි.

දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන්ගේ බොහෝ ප්‍රමාණයක් මෙම ප්‍රකාශයන්ට තමන්ගේ කණගාටුවද ප්‍රකාශ කර තිබුණි.

එම අසාම් ඛාන් විසින් ට්විටර් සටහන පහතින්,

Rate this item
(9 votes)