April 26, 2024

ගාල්ල අසාර්ථක වෙද්දී යාපනය ඉහළටම එයි - ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ නවතම තත්ත්වය මෙන්න

December 02, 2020

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වී තිබේ. 

ඒ ඔවුන් සහභාගී වූ සියලුම තරඟ ජයග්‍රහණය කිරීමත් සමඟයි. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 06ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටීමටද ඔවුන් සමත්ව සිටියි.

දෙවන ස්ථානය කොළොම්බු කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන් සහභාගී වූ තරඟ 03න් 02ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 04ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටියි.

තෙවන ස්ථානය දඹුල්ල වයිකිංග්ස් සහ සිව්වන ස්ථානය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමටද හිමිව තිබේ.

මෙවර තරගයේ ඉහළම පහසුකම් සහ ඉහළම අනුග්‍රහකත්වය ලබාගෙන සිටින දකුණු පළාත නියෝජනය කරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟාවලියේ අවසන් ස්ථානයේ රැඳී සිටින්නේ සහභාගී වූ සියලුම තරඟ පරාජයට පත් වීම හේතුවෙනි.

Rate this item
(0 votes)