May 06, 2024

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරගය අද කොළඹ සහ නුවර කණ්ඩායම් අතර

November 26, 2020

ශ්‍රී ලංකාවේ පවත්වන සුපිරි 20 - 20 තරඟාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරගය අද (26) රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරන කොලොම්බෝ කින්ග්ස් (Colombo Kings)සහ කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් (Kandy Tuskers) කණ්ඩායම් දෙක අතරයි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.

 ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්,  කුසල් ජනිත්, අසේල ගුණරත්න සීක්කුගේ ප්‍රසන්න වැනි ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ දස්කම් දැක්වූ සුපිරි පිතිකරුවන් ඇතුළුව  ඇන්ඩ්‍රි රසෙල්, ඉර්ෆාන් පතාන්, බ්‍රෙන්ඩන් ටේලර් වැනි විදෙස් සුපිරි පිතිකරුවන්ද අද රාත්‍රීයේ දී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී තරඟ කිරීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)