May 06, 2024

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී සංගා සහ මහේලගේ සහාය යාපනය කණ්ඩායමට

November 25, 2020

මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පිළිබඳව අලුත් පුවත් දිනෙන් දින සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

ඒ අතරට එක් වූ නවතම පුවත වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු සහ නායකයන් දෙදෙනෙකු වන මහේල් සහ කුමාර් සංගක්කාරගේ සහය හිමි වූ කණ්ඩායම පිළිබඳවයි.

කුමාර් සංගක්කාර ට්විටර් පණිවිඩයක් සටහන් කරමින් සඳහන් කර තිබුණේ එල්.පී.එල් තරඟාවලියට මෙන්ම සියලු කණ්ඩායම් සහ ක්‍රීඩයකයන්ට සුබ පතන බවයි. එමෙන් අවංකව, දක්ෂතාවයෙන් සහ විනෝදයෙන් ක්‍රීඩා කරන මෙන්ද සංගක්කාර සඳහන් කර තිබූ අතර වැඩිදුරටත් ඔහු කියා තිබුණේ තමන් මෙවර තරඟාවලියට සහභාගී වන යාපනය කණ්ඩායම විශේෂයෙන්ම මතක් කරන බවයි.

මෙම ට්විටර් සටහනෙන් පසුව තරුණයෙකු ට්විටර් ඔස්සේම මහේල්ගෙන් විමසා තිබුණේ ඔහුගේ සහය කාටද ලබා දෙන්නේ ලෙසයි.

එයට පිළිතුරු දෙමින් මහේල් පවසා තිබුණේ තමන් ද සංගා සමඟ එකඟ වන බවත් යාපනය ක්‍රිකට් සඳහා නව නගරයක් ලෙස එකතු වනු ඇති බවයි.

Rate this item
(0 votes)