April 27, 2024

කිංග් ඛාන් ලංකා ප්‍රිමියර් ලීග් කණ්ඩායමක් මිලදී ගැනීමේ සුදානමක

November 12, 2020

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ සොහොයුරා වූ සොහෙල් ඛාන් විසින් මෙරට පැවැත්වීමට නියමිත සුපිරි පන්දුවාර 20 තරඟාවලියේ තරග වෙන්දේසියේ දී කැන්ඩි ෆ්‍රන්චයිසී කණ්ඩායම මිලදී ගැනීමත් සමඟ තවත් සුපිරි බොලිවුඩ් තරුවකගේ අවධානය ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය වෙතට යොමුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බොලිවුඩ් සිනමාවේ කිංග් ඛාන් විසින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කණ්ඩායමක් මිලදී ගැනීමේ සුදානමක් පවතින බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විටත් ව්‍යාපාරිකයෙකු විසින් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කොළඹ කණ්ඩායම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

නමුත් මෙම ව්‍යාපාරිකයා කවුරුන්ද යන්න හෙළි නොකර ඇති බව පවසන ඉන්දීයානු මාධ්‍ය අවධාරණය කර සිටින්නේ බොහෝ විට ඒ ශාරුක් ඛාන් විය හැකි බවයි.

Rate this item
(0 votes)