May 19, 2024

ඩිල්ෂාන් සමුගනී - කැන්ගරුවන් ජයගනී

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමග පැවති එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයෙන් කඩුළු 02ක තියුණු ජයක් ලබා ගැනීමට ඊයේ (28)  ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඒ ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 227ක ඉලක්කය කඩුළු 8ක් දැවී තිබියදී ය.

ඕස්ට්‍රේලියානු ඉනිමේ 46 වැනි අවසන් පන්දුවට එල්ල කළ පහරත් සමග එම ජයග්‍රහණය තහවුරු විය.

මෙම තරඟයේදී  ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ජෝජ් බේලි ලකුණු 70ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලබාගත් ලකුණු 102 හා සිය අවසන් එක්දින ක්‍රිකට් තරඟයට සහභාගි වූ තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් ලකුණු 42ක කැපී පෙනුණි.

පන්දුවෙන් දස්කම් පෑ ඇන්ජලෝ මැතිව්ස්, දිල්රුවන් පෙරේරා හා අමිල අපෝන්සෝ කඩුළු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

ඒ අනූව තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය 2ට 1ක් ලෙස ඉදිරියෙන් සිටීමට  ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි.

ඊයේ සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ හිටපු නායක, ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙනුවෙන් ගෞරවය පුද කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සගයින් තරඟය අතරතුර කටයුතු කළේය.

ඒ ඔහු පිටියට පිවිසෙන අවස්ථාවේ ඔහුට ඉහළිත පිති ඔසවමිනි.

ඩිල්ෂාන්ගේ අවසන් තරඟය නැරඹීමට දඹුල්ල ක්‍රීඩාංගණයට විශාල පිරිසක් ද පැමිණ සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 August 2016 09:00