May 19, 2024

තරඟයට පෙර මැතිව්ස් කී දේ (VIDEO)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් ජය ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය.

ඒ අනුව අද (24) පැවැත්වෙන දෙවන එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙහි නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයත් සමගින් නැවත තරගාවලියට පිවිසීමට තම කණ්ඩායම සූදානම් බවයි.

තරග 05 කින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියාව ජය ගත්තේ කඩුලු 03 කිනි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් භාගය වනවිට දග පන්දු යවන්නන් සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත් ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිපදෙනෙක්ම අසාර්ථක වීම මේ තරගයේ පරාජයට ප්‍රධාන හේතුවක් විය.

කෙසේවුවද ඇන්ජලෝ මැතිව්ස් කියාසිටියේ අද දිනයේ පිතිකරණ ලැයිස්තුවේ වැඩි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවයි. 

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 August 2016 16:41