May 19, 2024

පාකිස්ථානය ක්‍රිකට් වාර්තා අලුත් කරයි

කි‍්‍රකට් ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමුවන ස්ථානය හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ නවතම ශ්‍රේණිගත කිරීම් සටහනේ ප‍්‍රසාද ලකුණු 111ක් හිමිකර ගනිමිනි.

එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට දෙකක් ලෙස අවසන් කිරීමට ද මිස්බා උල් හක් ප‍්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම පසුගියදා සමත් විය.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මීට පෙර පළමුවන ස්ථානයේ පසු වූ ඉන්දීය කණ්ඩායම දෙවන තැනට පත්ව තිබේ.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි.

එංගලන්ත කණ්ඩායම සිවුවන ස්ථානයේත්, නවසීලන්ත කණ්ඩායම 5 වන ස්ථානයේත් පසුවෙයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ 6 වැනි ස්ථානයේයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 August 2016 10:05