May 19, 2024

සිංහයන් පරදා කැන්ගරුවන් ජයගනී

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක් දින තරගය කඩුලු 3කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (21) සමත් විය.

ඊයේ පැවති අවසන් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ට ලකුණු 227ක් රැස්කර ගත්තේය.

එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 67ක්ද ලබා ගත් අතර පන්දු යැවීමේ දී ජේම්ස් ෆොල්ක්නර් ලකුණු 38ට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

පසුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5කදී කඩුලු 3ක් සමගින් ලකුණු 228ක් ලබා ගැනීමට සමත්වුණි.

මෙම ජයග‍්‍රහණයත් සමග ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ 1-0 ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

දෙරට දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලබන බදාදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 August 2016 09:31