May 19, 2024

කැන්ගරුවන් පරදා සිංහයන් ජය ගත්තේ මෙහෙමයි (VIDEO)

ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය 3ට බින්දුවක් ලෙස වාර්තාගත ජයක් ලබාගැනීමට ඊයේ (17) ශ්‍රී ලංකාව සමත්විය. 

ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ලකුණු 163 කින් ජයග්‍රහණය කරමිනි.

ඒ අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයක් ලබාගත් පළමු අවස්ථාව ලෙස ඊයේ තරඟය ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

මෙම තරඟයේදී රංගන හේරත් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලූ 13 ක් බිඳ හෙලීම ද විශේෂත්වයකි.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියලුදෙනා දැවී ලකුණු 355 ක් රැස් කළේය.

පළමු ඉනිමේදී සුපිරි පිතිහරඹයක නිරතවු දිනේශ් චන්දිමාල් සිය 07 වන ටෙස්ට් ශතකය ද ලබා ගනිමින් ලකුණු 132 ක් රැස් කළේය.

සිය පළමු ජාත්‍යන්තර ශතකය ලබාගත් ධනංජය ද සිල්වා රැස් කල ලකුණු සංඛ්‍යාව 129 ක්.

මිචෙල් ස්ටක් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 5 ක් බිඳහෙලීය. 

පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව ලකුණු 379 ක් රැස් කලා.

ශෝන් මාර්ෂ් ලකුණු 130 ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 119 ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී රංගන හේරත් ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 06 ක් බිඳහෙලීය.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාව කඩුලු 8 කට ලකුණු 347 ක්ව තිබියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

දෙවන ඉනිමේදී කෞෂාල් සිල්වා ශතකයක් රැස් කළේය.

පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට දෙවන ඉනිමේදී හිමිවු ඉලක්කය ලකුණු 324 ක් වුවද තරගයේ අවසන් දිනය වු ඊයේ ඔස්ට්‍රේලියාවට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 160 ක් පමණි.

ඔස්ට්‍රේලියා දෙවන ඉනිමට පන්දු යැවීමෙන් දැඩි බලපෑමක් එල්ලකල රංගන හේරත් කඩුලු 07 ක් ද දිල්රුවන් පෙරේරා කඩුලු 02ක් ද බිඳහෙලීය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 August 2016 09:25