සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
අද (13) තරගය කොළඹ එස්.එස්.සී ක්‍රිඩා පිටියේදී පැවැත්වෙයි.
තරගාවලියේ මීට පෙර පැවති පළමු තරග දෙකම ජයග්‍රහණය කරමින් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් සමත්ව තිබේ.
අද තරගය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ යහපත් මානසිකත්වයකින් තරඟයට මුහුණ දෙන බවයි.
කෙසේවෙතත් අද ආරම්භවන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ද ජයග්‍රහණය කරමින් තරගාවලිය තුනට බිංදුවක් ලෙස ජයගැනීම තම කණ්ඩායමේ අරමුණ බව මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.