May 19, 2024

ආසියානු ක්‍රිකට් මූලස්ථානය ලංකාවට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ තීරණයක් ඇති බවත් එම වටිනා අවස්ථාව ලැබීම පිළිබඳව සතුටට පත්විය හැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.  

ඒ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මේ වනවිට මැලේසියාවේ ස්ථාපිත කොට ඇති ආසියානු ක්‍රිකට් සම්මේලනය ආසියානු රටවල් 21ක නියෝජනයකින් සැදුම්ලත් එකක් බවත් සිංගප්පූරුවෙන් පිරිනැමූ බදු සහනයත් සමඟ එය ලංකාවේ ස්ථාපිත කිරීම වාසිදායක එකක් වන බවත් ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා," ආසියානු සම්මේලනය ප්‍රධාන කාර්යාලය ලංකාවේ පවත්වාගෙන යෑමට අපි ඉල්ලීමක් කළා. රටවල් හතරක් අතරින් කළ පරීක්‍ෂණයක වාර්තාවක් අනුව අපිට බදු සහන දීමේ අවශ්‍යතාවක් තිබුණා. එහිදී මුදල් ඇමතිතුමා සමඟ සාකච්ඡා තුනක් තියෙනා එකඟතාව අනුව ආසියානු සම්මේලනය දැනුවත් කළා හොඳව අවස්ථාව තියෙන්නේ ලංකාවේ කියලා. ඒ අනුව අගෝස්තු මාසේ 21 පැවැත්වෙන මහ සම්මේලයේ අනුමැති ලැබුණම අවුරුදු 10 කාලයකට ලංකාවේ තබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා" බව ද සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 July 2016 10:18