May 19, 2024

ගේල් හයේ පහරවලින් පිටිය දෙවනත් කළේ මෙහෙමයි (VIDEO)

ඊයේ (05) කැරිබියානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ පැවැති තරඟයේ දී ප්‍රහාරාත්මක කොදෙව් පිතිකරු වූ ක්‍රිස් ගේල් නැවතත් ශතකයක් රැස් කර ගැනීමට සමත් විය.

තරඟය පැවැත්වුණේ ටි‍්‍රනිඩෑඩ් සහ ටොබෙගෝ කණ්ඩායම් සමඟයි.

ඒ අනුව ජැමෙයිකා කණ්ඩායම වෙනුවෙන් තරඟ වැදුණු ඔහු පන්දු 54ක දී නොදැවී ලකුණු 108ක් රැස් කළේ හතරේ පහර 06ක් සහ හයේ පහර 11ක් ද සමගිනි.

ටි‍්‍රනිඩෑඩ් පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 04ක් දැවී ලකුණු 191ක් රැස් කළ අතර, ක්‍රිස් ගේල් නියෝජනය කරන ජැමෙයිකා පිළ පන්දු වාර 18යි පන්දු 02ක දී කඩුලු 03ක් දැවී ලකුණු 192ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තේ ය.

මෙහිදී ජැමෙයිකා පිළේ කඩුලු රකින්නා වූ කුමාර් සංගක්කාර කඩුල්ල පිටුපස සිට කඩුලු 03ක් දවාලීමට දායක වූ අතර ඔහු රැස් කර ගත්තේ ලකුණු 20ක් පමණි.

තරඟයේ සුවිශේෂී අවස්ථා පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 July 2016 11:48