May 21, 2024

විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩක කිරුළ සංගාට

මෙතෙක් පහළ වූ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි කිරුළ දිනාගැනීමට ශ්‍රී ලාංකීය සුපිරි ක්‍රිකට් තරුව කුමාර් සංගක්කාර සමත් විය.

ඒ cricket.com.au වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබූ ජාත්‍යන්තර ඡන්ද විමසීමකින් පසුව යි.

ලොව පුරා ක්‍රිකට් ලෝලීන් ඉතා උද්යෝගී ලෙස මෙම ඡන්ද විමසීමට එක් වූ අතර මෙහි අවසාන වටයට තේරී සිටියේ ඉන්දියානු සුපිරි ක්‍රිකට් තරුව සචින් තෙන්දුල්කාර් සහ සංගක්කාර යි.

මෙයින් පෙනී යන්නේ ලොව ජනප්‍රියතම එක් දින ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සංගක්කාර ඉහළම ස්ථානයේ සිටින බව යි.

Rate this item
(1 Vote)