May 01, 2024

භයානක “මූ” ගැන ගැන WHO අනතුරු අඟවයි

September 02, 2021

ලෝකයේ පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදයන් අතරට “මූ (Mu)” නමින් හඳුන්වන නවතම වෛරසයක් එකතුවී තිබෙනවා.

පළමුවරට කොළොම්බියාවෙන් සොයා ගන්නා ලද මේ ප්‍රභේදය B.1.621 ලෙස හඳුන්වා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වෛරසය ප්‍රභේදය අවධානය යොමු කළ යුතු වෛරස් කාණ්ඩය අතරට පසුගිය අගෝස්තු මස 30 වැනිදා ඇතුළත් කර තිබෙනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ ලෝකයේ මෙම වෛරසය පැතිරී ඇති ප්‍රමාණය 0.1ක් වූවත් කොළොම්බියාව තුළ එය 39%ක් වන බවයි.

මෙලෙස සොයා ගත් නව ප්‍රභේදය තුළ විකෘතිතා රාශියක් ඇති බැවින් එයට මිනිසාගේ ප්‍රතිශක්තිකරණයෙන් ගැලවී සිටීමේ හැකියාවක් සහිත ගුණාංග තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය මත පළ කරනවා.

කොරෝනා වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා නිකුත් කරන නිවේදනයෙහි සඳහන් වන්නේ මීට පෙර සොයාගත් බීටා ප්‍රභේදයේ සිදු වූවාක් මෙන් එන්නතට වඩා ප්‍රතිරෝධී විය හැකි  විකෘතිතා මෙම නව ප්‍රභේදයේ ඇති නමුත් මෙය තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා වැඩිදුර අධ්‍යයනයන් අවශ්‍ය වන බවයි.

ජාත්‍යන්තර සෞඛ්‍ය අංශයන් පෙන්වා දෙන්නේ එන්නත් නොකළ අය අතර සහ වෛරස් විරෝධී පියවර ලිහිල් කර ඇති ප්‍රදේශවල ඉතාමත් වේගයෙන් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය නිසා ගෝලීය වශයෙන් නැවතත් ආසාදන අනුපාතය ඉහළ යමින් පවතින අවස්ථාවක නව වෛරස් විකෘති මතුවීම පිළිබඳව පුළුල් සැලැකිල්ලක් දැක්විය යුතු බවයි.

Rate this item
(3 votes)
Last modified on Thursday, 02 September 2021 08:22