March 28, 2024

කොවිඩ් නිසා පාසල් දැරියක් මිය යයි! ඉදිරි මාස දෙක බරපතලයි - දරුවන්ට තවත් මාරාන්තික ලෙඩක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පාසල් සිසුවියක් මිය ගොස් ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙම සිසුවිය කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ මෙම සිසුවිය කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් ඇති බවයි.

සිසුවියට අමාරු වුණේ පාසල් ගිය පසු

මෙම සිසුවියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊට අදාල කළ පරීක්‍ෂණවලින් තහවුරු වී ඇතැයි එම වෛද්‍යවරයා සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවියක්.

ඇය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

කොවිඩ් මැද දරුවන්ට මාරාන්තික ලෙඩක්

මේ අතර කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ දරුවන්ට ඇතිවිය හැකි තවත් බරපතළ රෝගී තත්ත්වයක් පිළිබඳව වෛද්‍යවරු අනතුරු අඟවා තිබෙනවා.

ඒ දරුවන්ට “මිස්සී” නමැති රෝගී තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තිබෙව බවටයි.

එම රෝගය දරුවන්ට ඇති වුවහොත් මරණය පවා ඇති වියහැකි බවයි කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.

ඉදිරි මාස දෙක අවදානම්

මෙම රෝගයෙන් සියලුම ඉන්ද්‍රියන් අඩපණ විය හැකි අතර අවුරුදු 12ට වැඩි ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා දීමෙන් මිස්සී රෝගය අවම කළ හැකි බව ඔහු කියා සිටියා.

මේ දිනවල කොවිඩ් රෝගය ඉතාම සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් තව සති දෙකක් හෝ මාස දෙකක් ඇතුළත දරුවන්ට “මිස්සී” රෝගය දරුවන්ට වැළදීමේ ඉඩ කඩක් ඇති බවට වෛද්‍යවරයා අනතුරු අඟවනවා.

“ඒ කියන්නේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගතාවයයි. මේ රෝගය ඉතාම බරපතළ වෙන්න පුළුවන්. සියලුම ඉන්ද්‍රියන් අඩපණ වෙන්න පුළුවන්. අවුරුදු 12ට වැඩි ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා දුන්නොත් මිස්සී රෝගය අවම කරන්න පුළුවන්. මිස්සී බරපතළයි. ඒක හැදිච්ච දරුවෝ දැඩිසත්කාර ඒකකවලට යන්න පුළුවන්. මරණය ඇති වෙන්න පුළුවන්.” යැයිද  වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් පැවසූවේ “මව්පියන්ට රෝගය තිබිලා දන්නේ නැතුවම දරුවන්ට රෝගය හැදුනොත් සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත ආපහු සැරයක් දරුවෙක්ට උණ ඇවිල්ලා, බෙල්ලේ වසා ගැටිති ඉදිමිලා, ඇස් කහ වීම, හුස්ම ගැනීමේ අපහසුතා, මුත්‍රා යාම අඩුවීම හරි මුත්‍රා එක්ක ලේ ගිහිල්ලා හරි හෘද වස්තුවේ වේගය අඩු වැඩිවීම් වගේ දෙයක් වෙන්න පුළුවන්.ඒ වගේම කම්පන තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්” 

Rate this item
(3 votes)
Last modified on Monday, 31 January 2022 10:11