May 01, 2024

මිහිපිට උණුසුම අධිකම තැන් අතරට කැනඩාවත් එක්වෙයි

සූර්යාගේ පිටවන අධික තාප කිරණ මේ වන විට කැනඩාවට දැඩි බලපෑමක් සිදුකරමින් තිබෙනවා. ඒ අනුව දැනට ලෝකයේ ඇති උණුසුම අධිකම තැන් අතරට කැනඩාවත් එක්වෙලා.

මේ වන විට කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.5ක් නැතිනම් ෆැරන්හයිට් අංශක 121ක් දක්වා ඉහළ ගිහින්. මෙවැනි උෂ්ණත්වයක් අමෙරිකාව තුළ හෝ යුරෝපය තුළ කිසිදු අවස්ථාවක වාර්තා වී නැහැ. 

එමෙන්ම සාමාන්‍යයෙන් මෙම කාලය තුළදී සහාරා කාන්තාරය තුළද වාර්තා වන්නේ සෙල්සියස් අංශක 47ක් වැනි උපරිම උෂ්ණත්වයක් බවයි සඳහන් වන්නේ.

මහා මාර්ගවලටද මෙම අධික උණුසුම නිසා බලපෑම් ඇතිවන්නට පටන් ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එමෙන්ම ලැව් ගිනි ඇති වීම් වැනි තත්ත්වයන්ද වාර්තා වෙමින් පවතින බවද සඳහන් වෙනවා.

මේ වන අධික උණුසුම නිසා කැනඩාව තුළ මරණ 719ක් වාර්තා වෙලා ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

Rate this item
(0 votes)