April 26, 2024

ලොවම අවදානමේ දමමින් රසායනික ද්‍රව්‍ය රැගත් නැවක් සාගරය මැද ගිනි ගනී (VIDEO)

අනතුරුදායක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 52 ක් සමඟ යෝධ කන්ටේනර් නැවක් කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා වෙරළ තීරයේ දැවෙමින් තිබෙනවා.

හානිදායක භාණ්ඩ තොගය ගිනි ගැනීමත් සමඟ ගින්න හටගෙන ඇති බව වාර්තා වන්නේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ කැනඩාව ආසන්නයේ බ්‍රිතාන්‍ය - කොළොම්බියා නෞකා මාර්ගයේ දීය.

මෝලටා ධජය යටතේ ගමන් ගන්නා නෞකාවේ "MV Zim Kingston" නැමති බහාලුම් නෞකාවේ මෙම ගින්න හටගෙන තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේ දීය.

රසායනික ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් තිබුණත් මේ වන විට නෞකාවේ බහලුම් 06කට පමණ ගින්න පැතිරී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් හානි වූ කන්ටේනර් දෙකෙහි පොටෑසියම් ඇමයිල්ක්සැන්තේට්, පතල් කැණීමේදී බහුලව භාවිතා වන අන්තරායකර ද්‍රව්‍ය අඩංගු වන බව වාර්තා වෙනවා.

ඉතාමත් අන්තරාදායක රසායනික ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති අතර එම රසායනික ද්‍රව්‍ය ආශ්වාස කළහොත් හානිකර විය හැකි අතර, "දරුණු සමේ පිළිස්සුම් සහ ඇස්වලට හානි" විය හැකි බවයි සඳහන් වන්නේ.

එක්සත් ජනපදය විසින් අනතුරු අඟවා ඇත්තේ මෙම රසායනික ද්‍රව්‍ය දිගුකාලීන බලපෑම් සහිත ඒවා බවත් සාගර ජීවීන්ට අනතුරක් විය හැකි බවයි.

මේ වන විටත් අදාළ නෞකාවෙන් විෂ රසායනික ද්‍රව්‍ය බැහැර කරමින් සිටින බව වාර්තා වන අතර එම නෞකාව වටා සැතපුම් එකක පමණ හදිසි කලාපයක් පිහිටුවා තිබෙනවා.

ගින්නෙන් විනාශ වන අතරතුර නෞකාව දුමාරයක් නිකුත් කරන අයුරු දැක්වෙන දර්ශන අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර එම නෞකාව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 09:04