May 02, 2024

"ශ්‍රී ලංකාව දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් කරා” - කැනඩාවේ පාසල්වලට දෙන අලුත්ම පාඩම

ශ්‍රී ලංකාව තුළ පැවැති 30 වසරක යුද්ධය සමය තුළ ශ්‍රී ලංකාව විසින් දෙමළ ජනතාව ජන සංහාරයකට ලක් කළ බවට පිළිගත් ලෝකයේ පළමු අධිකරණය බවට කැනඩාවේ ඔන්ටාරියෝ අධිකරණය ඉතිහාගත වී තිබේ. 

පසුගිය මැයි 06 වැනිදා මෙම ජන සංහාරයක් සිදුවූ බවට ඔන්ටාරියෝ අධිකරණය විසින් පිළිගෙන තිබේ.

කැනඩාවේ ටොරොන්ටෝ හී ස්කාබරෝ ප්‍රදේශය නියෝජනය කරන ද්‍රවිඩ සම්බවයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එරට පාර්ලිමේන්තුව තුළ “දමිල ජන සංහාර අධ්‍යාපන සතිය” නමින් අංක 104 දරන පනතක් සම්මත කරගෙන තිබේ. 

ඒ අනුව සෑම වසරකම මැයි මාසයේ 11 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලය තුළදී කැනඩාවේ පාසල් තුළ ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට එරෙහිව ගෙන ගියා යැයි සඳහන් වන ජන සංහාරය පිළිබඳවත්, ලෝකයේ වෙනත් ජන සංහාරයන් පිළිබඳවත් ඉගැන්වීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම පනත ගෙන ඒම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන ලද කැනඩාවේ ස්කාර්බරෝ-රූජ් පාක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේ තානිගසලාම් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ ගැන පවසා තිබුණේ ඔන්ටාරියෝ සහ ලොව පුරා සිටින දෙමළ ජනතාව සඳහා මෙය ඓතිහාසික සිදුවීමක් වනු ඇති බවයි.

මෙම පනත සඳහා ශ්‍රී ලංකා - කැනේඩියානු ජාතිකයන් විසින් දැඩි විරෝධයක් එල්ල කර තිබූ බවද වාර්තා වෙයි.  ඔවුන් “ජන සංහාරයක්” වූවා යැයි යන අදහසට දැඩිව විරෝධය පළ කර තිබේ. කෙසේ වෙතත් කැනේඩියානු - ද්‍රවිඩ ජාතිකයන්ගේ ඉහළ සහයෝගයක් මත මෙම පනත තෙවන වර කියවීමෙන් සම්මත කරගෙන ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙය ස්ථිරව නීතියක් බවට පත්වීමට නම් බ්‍රිතාන්‍ය රැජිනගේ ඇතුළු රාජකීයන්ගේ අවසරය හිමි විය යුතු බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබේ. බ්‍රිතාන්‍ය මහ රැජින වන දෙවන එළිසබෙත් රැජින වෙනුවෙන් පෙනී සිටින්නේ චාර්ල්ස් කුමරු බවත් සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 May 2021 11:08