April 18, 2024

රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවේ ගින්න පාලනය කරයි (VIDEO)

පසුගිය 23 වැනිදා උදෑසන මෝල්ටාවේ ධජය සහිත බ්‍රිතාන්‍ය - කොළොම්බියානු නෞකා මාර්ගයේ ගමන් කරමින් තිබූ එම්වී සිම් කිංස්ටන් නෞකාවේ හදිසියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බවට කැනේඩියානු වෙරළාරක්ෂක බලකාය පවසනවා. 

අන්තරායකර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් ගිනිගෙන විෂ වායු මේ වන විටත් වාතයට එකතුවී ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය - කොළොම්බියානු මුහුදු මාර්ගයේ කැනඩාවේ වික්ටෝරියා නගරය ආසන්නයේ ජුවාන් ඩි ෆුකා සමුද්‍ර සන්ධියේ අදාළ නෞකාව නැංගුරම් දමා ඇති අතර මේ වන විටත් එයට වෙනත් යාත්‍රා මඟින් ජලය ඉසින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සබැඳි පුවත > ලොවම අවදානමේ දමමින් රසායනික ද්‍රව්‍ය රැගත් නැවක් සාගරය මැද ගිනි ගනී (VIDEO)

නෞකාවේ ගින්න පාලනය කර ඇති අයුරු පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 October 2021 21:02