May 02, 2024

ආන්දෝලනාත්මක හෙළිදරව්වක් : කැනඩාව විසින් චීනයට මාරාන්තික වෛරස් සපයලා

කැනඩාවේ පිහිටි ජෛව විද්‍යාත්මක විද්‍යාගාරයකින් චීනය වෙත මාරාන්තික වෛරස් ප්‍රභේදයන්වල සාම්පල් ලබාදී ඇති බවට කැනේඩියානු විපක්ෂ නායකවරයා විසින් හෙළිදරව් කරයි.

මෙලෙස සපයා ඇති වෛරස් අතර එබෝලා (Ebola) සහ හෙනිපා (Henipah) යන වෛරස් ඇතුළත් බවද විපක්ෂ නායක එරින් ඔ'ටූල්ඒ විසින් සඳහන් කර තිබේ.

2019 වසරේ මාර්තු මාසයේ දී මෙම වෛරස් සාම්පල් චීනයේ වුහාන්වල පිහිටි ජෛව විද්‍යාත්මක විද්‍යාගාරය වෙත ලබාදී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෙම සිදුවීමට සම්බන්ධ කැනඩාවේ සේවය කළ චීන විද්‍යාඥයින් දෙදෙනෙකු වූ ෂියැන්ගුවා කියු සහ කෙඩිං චෙන්ග් මේ වන විටත් සේවය පහකර ඇත.

විපක්ෂ නායකවරයා විසින් චෝදනා කරන්නේ කැනේඩියානු ජනාධිපති ජස්ටින් ටෲඩෝ විසින් මෙම සිදුවීමට අදාළ පරික්ෂණ ලේඛනයන් සඟවා ගෙන සිටින බවයි. 

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ භයානක වෛරස් ප්‍රවාහනය කිරීමට ඉඩ දීම, චීනයට කැනේඩියානු ආරක්ෂක සමාගමක් මිලදී ගැනීමට ඉඩ දීම සහ චීන ටෙලිකොම් සමාගමක් වන හුවාවි තහනම් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් කැනේඩියානු ජනාධිපතිවරයා චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කටයුතු කරන බවද සඳහන් කර තිබේ.

Rate this item
(2 votes)