May 01, 2024

ආදිවාසීන් ලෙස පෙනී සිටිමින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත විද ගන්න හැදූ මිලියනපති යුවලක් හසුවෙයි

කැනඩාවේ කැසිනෝ අයිතිකාර මිලියනපති යුවලක් විසින් හොර රහසේ එරට ආදිවාසීන් ජීවිත් වන පෙදෙසකට ගොස් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමට ගත් උත්සාහයක් හසුවී තිබේ.

එම ආදීවාසීන් අතර සිටින කොරෝනා වෛරසයට නිරාවරණය විය හැකි වැඩිහිටි ආදීවාසීන්ට ලබා දීමට තිබූ එන්නත් මෙලෙස ලබා ගැනීමට මොවුන් දෙපළ උත්හාස කර ඇතැයි වාර්තා වෙයි. 

මහජන සෞඛ්‍ය නීති උල්ලංඝණය කිරීමේ වරදට මෙම යුවල අත්අඩංගුවට ගැනීමටද කැනේඩියානු බලධාරීන් කටයුතු කර තිබේ.

වෙනම පෞද්ගලික ගුවන් යානායක් ලබාගනිමින් මෙම යුවල විසින් ආදිවාසීන් ජීවත් වන කැනඩාවේ යුකොන් ප්‍රදේශයට ගොස් ඇති අතර එහි ඇති කුඩා නවාතැන් පොළක සුළු සේවකයන් දෙදෙනෙකු ලෙස පෙනී සිට ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා හට යුකෝන් හදිසි සිවිල් කටයුතු පනත යටතේ කැනේඩියානු ඩොලර් 2,300ක දඩයක් ද පනවා ඇත. එහෙත් යුකොන් ප්‍රජා නායකයන් මෙම දඬුවමට සිය විරෝධය පළ කරමින් ප්‍රකාශ කර තිබුණේ මෙම යුවලට මෙම දඩ මුදල එතරම් දෙයක් නොවන බවයි.

මෙලෙස හසුව තිබුණේ කැසිනෝ හිමිකරුවකු වන රොඩ්නි බේකර් සහ ඔහුගේ බිරිඳ වන එක්ට්‍රෙරිනා බේකර් යන කැනේඩියානු ජාතික යුවලකි.

Rate this item
(0 votes)