April 26, 2024

උතුරු කොරියාව දරුණු ආහාර අර්බුදයකට මුහුණ දෙයි

උතුරු කොරියාව තුළ දරුණු ආහාර අර්බුදයක් ඇතිව තිබෙන බවට උතුරු කොරියානු නායක කිම් ජොන් වුන් විසින් එරට ඉහළ පෙළේ නිලධාරීන් ඉදිරියේ පිළිගෙන ඇතැයි වාර්තා වෙනවා.

පසුගිය වසරේ උතුරු කොරියාවට බලපෑ සුළි සුළං සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් එරට පරිභෝජනය අවශ්‍ය කරන ධාන්‍ය අවශ්‍යතාවය සපුරා ගත නොහැකි වූ බවද උතුරු කොරියානු නායකයා විසින් ප්‍රකාශ කරලා.

එමෙන්ම දැනට උතුරු කොරියාවේ ආහාර මිල ගණන්ද ඉහළ යමින් ඇති බව උතුරු කොරියානු පුවත් ඒජන්සිය විසින් වාර්තා කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය පාලනය කරනු වස් උතුරු කොරියාව විසින් සිය සියලු දේශ සීමාවන් වසා දමා ඇති නිසා චීනය සමඟ පවතින වෙළෙඳ මාර්ගයනුත් වැසී ගිහින්. ඒ හේතුව නිසාම උතුරු කොරියාව මෙම ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙමින් ඉන්න බවත් වාර්තා වෙනවා.

ඊට අමතරව උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන නිසා ඔවුනට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක නිසාද විදෙස් ආධාරයන් පවා ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා.

Rate this item
(0 votes)