April 26, 2024

“ජනාධිපතිවරු මාරු වුණාට වැඩක් නැහැ - ඇමෙරිකාව අපේ හැමදාටම හතුරෙක්” - උතුරු කොරියානු නායක

ධවල මන්දිරයට අලුතින් කවුරු පත්වී පැමිණියත් තම රටට ඇමෙරිකා කෙරෙහි ඇති සතුරු ප්‍රතිපත්තිය වෙනස් නොවන බවට උතුරු කොරියානු නායක කිම්-ජෝන්ග් වුන් පවසා තිබේ.

උතුරු කොරියානු නායකයා මේ බව පවසා තිබුණේ සිය පාලක පක්ෂය 08 වෙනි වරට අමතන අවස්ථාවේදීය.

එහිදී උතුරු කොරියානු නායකයා විසින් පවසා තිබුණේ එක්සත් ජනපදයේ බලයේ සිටින්නේ කවුරුන් වුවත්, එක්සත් ජනපදයේ සැබෑ ස්වභාවය සහ උතුරු කොරියාව සම්බන්ධයෙන් එහි මූලික ප්‍රතිපත්ති කිසි විටෙකත් වෙනස් නොවන බවයි.

Rate this item
(0 votes)