April 18, 2024

උතුරු කොරියාවේ නවතම නීතිය : විදෙස් චිත්‍රපට, ඇඳුම් ආදිය භාවිත කළොත් දඬුවම මරණයයි

උතුරු කොරියාව යනු දැඩි නීතිරිති යටතේ පාලනය වෙන රටක්, දැන් ඒ නීතින් ගොඩට අලුත් නීතියක් හඳුන්වා දී තිබෙනවා. 

විදෙස් රටවල නිෂ්පාදනය වන ටෙලි කතාමාලා, ඇඳුම් පැළඳුම් ආදිය උතුරු කොරියානු ජනතාව අතර ප්‍රචලිත වීම වැළැක්වීමටත් ඒවා භාවිතය අධෛර්මත් කිරීමත් මෙම නව නීතිය යටතේ ක්‍රියාත්මක වෙනවා.

අන්තර්ජාලය, රූපවාහිනියේ විකාශය වෙන දේවල්වලට පවා දැඩිව නීති සකසා තිබෙන උතුරු කොරියාව තුළ මිනිස්සු නැරඹිය යුත්තේ ද රටේ නායකත්වය විසින් තීරණය කරනු ලබන දේවල් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කොරියානු නායක නායක කිම් ජොන් වුන් විසින් මෙම ක්‍රියාකලාපයන් දැඩි කිරීම සඳහා කිසිදු විදෙස් රටකින් විකාශය කරනු ලබන මාධ්‍ය නාලිකාවක්, ටෙලි කතාමාලාවක් හෝ වෙනත් කිසිදු දෙයක් ළඟ තබාගෙන සිටියහොත් ඔවුනට මරණ දඬුවම ලබාදෙන බවට ප්‍රකාශ කරලා තිබෙනවා.

මෙලෙස තහනම් කර දේවල් අතර ඇමෙරිකාව, ජපානය සහ සිය සහෝදර රාජ්‍ය වන දකුණු කොරියානු මාධ්‍යයද ඇතුළත් වෙනවා.

එමෙන්ම තරුණ ප්‍රජාව අතර විදේශීය විලාසිතා ප්‍රවර්ධනය වැළැක්වීම සඳහා විවිධ කොණ්ඩා මෝස්තර, ඇදුම් ආයිත්තම, විදේශීය කතා පවා තහනම් කරන ලෙසද දන්වා තිබෙනවා.

විදේශීය දේශපාලන විචාරකයින් පවසා සිටින්නේ ලෝකයේ අනිකුත් ජනතාවට වඩා උතුරු කොරියානු ජනතාව ගත කරන සිරගත ජීවිතය ගැන නොදැනීමට එරට නායකයා විසින් මෙවැනි දේවල් සිදු කරන බවයි.

උතුරු කොරියාවේ සිට පසුව දකුණු කොරියාවේ සියෝල් නුවර වෙත පැමිණි යූන් මී-සෝ විසින් බිබිසී මාධ්‍ය ආයතනය වෙත පවසා තිබුණේ දකුණු කොරියානු ටෙලි කතාමාලාවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සියලුම අසල්වාසීන් ඉදිරියේ හමුදා කණ්ඩායමක් යොදා වෙඩි තබා මරා දමා තිබූ බවයි.

Rate this item
(0 votes)