April 19, 2024

උතුරු කොරියානු නායකයාගේ සහෝදරියගෙන් ජෝ බයිඩන්ට ප්‍රබල අනතුරු ඇඟවීමක්

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය වන කිම් යෝ ජූන්ග් විසින් ඇමෙරිකාවේ ජනපති ජෝ බයිඩන් හට ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එහිදී ඇය කියා තිබුණේ ඉතිරි වසර 04 නිදහසේ නිදා ගැනීමට අවශ්‍ය නම් නින්ද නැතිවෙන ආකාරයේ වැඩ පටන් ගැනීමට නොසිතන ලෙසයි.

එක්සත් ජනපදය සහ දකුණු කොරියාව පසුගිය සතියේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කළ අතර උතුරු කොරියාවේ අගනුවර වන ප්යොංයැං හි නිල රොඩොං සින්මූන් පුවත්පත විසින් සිය නායකයාගේ සහෝදරියගේ ප්‍රකාශනය පළ කර තිබුණේ “අපේ භූමියේ වෙඩි බෙහෙත් සුවඳ පැතිරවීමට අරගල කරන එක්සත් ජනපදයේ නව පරිපාලනයට උපදෙස් මාලාවක්” යන සිරස්තලය සහිතවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය ද ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසුව කිහිප අවස්ථාවකම උතුරු කොරියාව සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථව ගිය බව සඳහන් වෙයි.

කිම් යෝ ජූන්ග් යනු උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් වුන්ගේ සහෝදරිය මෙන්ම ප්‍රධාන උපදේශිකාවද වෙයි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 16 March 2021 11:51