April 28, 2024

මෙල්බර්න් කොවිඩ් පොකුර ඇරඹුණේ ශ්‍රී ලාංකිකයෙකුගෙන් බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තුළ මේවන විට නිර්මාණය වී ඇති කොවිඩ් පොකුර වෙත එරට බලධාරීන්ගේ දැඩි අවදානය යොමුව තිබෙනවා.

ඒ එම පොකුර සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැතිර යාමත් සමගයි.

මේ අතර මෙම කොවිඩ් 19 පොකුරෙහි මූලාරම්භය සිදුව ඇත්තේ එරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුගෙන් බවට මේවන විට අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙනවා.

අදාළ ශ්‍රී ලාංකිකයා කොවිඩ් 19 “ඩෙල්ටා” ප්‍රභේදය හෙවත් ඉන්දියානු ප්‍රභේදය ආසාදිතව එරටට ඇතුළු වී ඇති බවට යි හඳුණාගෙන ඇත්තේ.

ඔහු පසුගිය මැයි 14 වැනි දා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවට එරට බලධාරීන් පවසනවා.

මෙම පුද්ගලයා 40 හැවිරිදි අයෙක්.

ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයක දී ආසාදිත බවට හඳුණාගත් ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව පසුගිය 23 වැනි දා ඔහු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව ද ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 June 2021 00:47