May 04, 2024

වෙඩි ප්‍රහාර 200ක් තබා මෙක්සිකෝ පොලිස් ප්‍රධානියෙකු අමානුෂික ලෙස ඝාතනය කරයි (PHOTOS)

මෙක්සිකෝ පොලිස් ප්‍රධානියෙකු වන ජොයෙල් අර්නෙස්ටෝ සොටෝව අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වෙයි.

මෙක්සිකෝවේ වයඹදිග සිනාලෝවා ප්‍රාන්තයේ ලෙස ඔහු කටයුතු කරමින් සිට ඇති අතර ඔහු එම ප්‍රාන්තයේ අගනුවර වන කූලියාකන් වෙත යමින් සිටියදී මෙලෙස ඝාතනය වී තිබේ.

මෙම ඝාතනය සිද්ධ කළ තුවක්කුකරු විසින් පොලිස් ප්‍රධානියාගේ වාහනයට වෙඩි ප්‍රහාර 200කට වඩා එල්ල කර තිබූ බවද පරික්ෂණ සිදුකරනු ලබන ප්‍රාන්ත පොලීසිය විසින් මාධ්‍ය වෙත පවසා තිබේ.

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්දයි මෙතෙක් හෙළි වී නොමැති බවද පොලීසිය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පොලිස් ප්‍රධානියා ඝාතනය වී තිබුණේ ඔහු නිවාඩු ලබාගෙන නිවැසියන් බලා නැවත එමින් සිටියදී බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීමට සති 03කට පෙර ඔහුට මෙලෙස ප්‍රහාරයක් එල්ල වී තිබුණත් ඔහු විසින් දිවි ගලවා ගන්නට සමත්ව තිබුණි.

මෙම ප්‍රහාරය එල්ල වී තිබුණේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් 13 දෙනෙකු සහ ප්‍රාන්ත රජයේ නීති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කළ සිදුවීමෙන් මාස 02කට පමණ පසු වීමද විශේෂත්වයකි.

එම සිදුවීමේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 May 2021 18:58