March 29, 2024

මුහුණු ආවරණ නොපළඳින අයට වෘත්තීය සටන්කරුවන් යොදා පහර දෙයි - පුටුවලින් පහර දෙන වීඩියෝව මෙන්න

December 24, 2020

මධ්‍යම මෙක්සිකෝවේ ඉරාපුවාටෝ නගරයේ සෞඛ්‍ය බලධාරීන් විසින් කොරෝනා සෞඛ්‍ය නීතිවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට අවවාදයක් දීම සඳහා වෙනස්ම ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔවුන් විසින් මෙක්සිකෝවේ වෘත්තීමය සටන්කරුවන් වන ‘ලූචා ලිබ්‍රේ’ සටන්කරුවන් යොදාගෙන මුහුණු ආවරණ නොපළඳන පිරිස් බය වැද්දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව නගරයේ ජනාකීර්ණ ප්‍රදේශවල මුහුණු ආවරණ නොපළඳින පිරිස් ඉල්ලක්ක කරගෙන තවත් සටන්කරුවෙකුට  ‘ලූචා ලිබ්‍රේ’  සටන්කරුවන් පහර දෙන ආකාරය රඟ දැක්වීමක් සිදුකර තිබේ.

බියට පත් වූ බොහෝ පිරිස් වහාම මුහුණු ආවරණ පැළැඳගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම ක්‍රම අනුගමනය කිරීමට හේතුව වී තිබුණේ එම නගරයේ ජනතාව විසින් සෞඛ්‍ය නිර්දේශයන් කඩ කිරීමත්, ඒවා පිළිනොපැදීමත් මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ බව බලධාරීන් පෙන්වා දී තිබේ.

එම අවස්ථාවේ වීඩියෝ පහතින්,


Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 December 2020 10:40