May 04, 2024

විශ්ව රූ රැජින ඇන්ඩ්‍රිනාටත් කටකතා හදයි - විවාහකයි යැයි කියා කිරුළත් ගලවන්න හදයි

පසුගිය 16 වැනිදා විශ්ව රූ රැජින බවට පත්වූ මෙක්සිකෝ ජාතික 26 හැවිරිදි ඇන්ඩ්‍රිනා මෙසා හටත් කිරුළ ගැලවී යාමේ අවදානමක් ඇතිව තිබේ.ෙ

ඒ ඇය විසින් එම තරඟාවලියේ නීති කඩ කර ඇති බවට චෝදනා එල්ල වීමත් සමඟයි.

විශ්ව රූ රැජින තරඟාවලියේ පසුව ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධම තරුණියක් වන්නට ඇන්ඩ්‍රිනාටත් හැකිවන අතර එම හේතුවෙන් විශාල පිරිසක් ඇයගේ සමාජ මාධ්‍ය ගිනුම් තුළට පිවිසි ඇත.

මෙලෙස පිවිසුණු පිරිස හට ඇය විසින් විශ්ව රූ රැජින ලෙස සහභාගී වීමට තිබූ මුලික සුදුසුකම වන අවිවාහක බව යන නීතිය කඩා ඇති බවට සොයා ගැනීමට හැකිව තිබේ.

එහිදී මෙම පිරිස හට ඇන්ඩ්‍රිනා මෙසා මනාලියක් ලෙස සැරසී තරුණයෙකු සමඟ කඳු මුදුනක සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් සොයා ගැනීමට හැකියාව ලැබි තිබුණි.‍

එම ඡායාරූපයේ සටහන ලෙස මුද්දක සංකේතයක් (Emoji) සමඟ 2019.03.09 යන දිනය සටහන් කර තිබුණු අතර එය දුටු බොහෝ දෙනා ඇය විවාහක කාන්තාවක් බවට චෝදනා කිරීමට පටන් ගෙන තිබුණි

විවාහ වුණා යැයි පිරිස චෝදනා කරනු ලබන සටහන

විශ්ව රූ රැජින තරඟාවලියේ ප්‍රධාන නීතියක් ලෙස එම තරඟාවලියට සහභාගී වන සියලු දෙනාම අවිවාහක තරුණියන් විය යුතු බවට සඳහන්ව තිබේ.

නමුත් ඇඩ්‍රිනා විසින් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණේ සිනහා මුසු මුහුණෙනි. ඇය මෙක්සිකෝවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා තිබුණි.

එම සංචාරක ප්‍රවර්ධන කටයුත්තේ එක් පියවරක් ලෙස ලබාගත් ඡායාරූපයක් තමන්ගේ විවාහය ලෙස හුවා දැක්වීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව ඇඩ්‍රිනා පවසා තිබුණු අතර විවාහ ඡායාරූපයන් සඳහා මෙක්සිකෝව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම ව්‍යාජ විවාහ ඡායාරූපය ගත් බව ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

ඇයත් සමඟ එම ඡායාරූපයේ සිටින තරුණයා තමන්ගේ හොඳම යාළුවාගේ බාල සහෝදරයා බවත් ඇයට වඩා එම තරුණයා වයසින් බාල බවත් ඇඩ්‍රිනා විසින් තමන්ට එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් පවසා තිබුණි.

ආන්දෝලනයට තුඩුදුන් ඡායාරූපය

සෑම අවස්ථාවක මෙවැනි තරඟාවලියකින් ජයග්‍රහණය කළ විට මෙවැනි කටකතා පැතිර වීම සාමාන්‍ය දෙයක් බවත් එවැනි කටකතා අතරින් තමන් ඇසූ නරකම කටකතාව මෙය බවත් ඇඩ්‍රිනා විසින් සඳහන් කළාය.

තමන් මෙම කටකතා හෝ චෝදනා ගණන් නොගන්නා බවට පවසන ඇඩ්‍රිනා මෙසා සඳහන් කර සිටියේ විශ්ව රූ රැජින ලෙස තමන්ට පැවරී ඇති රාජකාරී කිරීම සඳහා තමන් කටයුතු කරමින් සිටින බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 22:24