March 29, 2024

මෙක්සිකෝව කැළඹූ මාරක අනතුර : උඩින් යන මෙට්‍රෝ දුම්රියක් මහ නගරය මැද කඩා වැටෙයි

මෙක්සිකෝවේ කණු මතින් දිවෙන මෙට්‍රෝ දුම්රියක් කඩා වැටීමෙන් මාරාන්තික අනතුරක් සිදුව තිබේ.

මෙම මාරාන්තික අනතුරින් ජීවිත 23ක් පමණ අහිමිව ඇතැයි බවද සඳහන්.

මෙම කඩා වැටුණු මෙට්‍රෝ දුම්රියේ මැදිරි දෙක නිරන්තරයෙන්ම වාහන බහුල මාර්ගයක් මතට කඩා වැටී ඇති අතර අනතුරින් 65 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් 07 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වෙයි.

දුම්රිය කඩා වැටෙන අවස්ථාවේ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථ  මතට මෙම දුම්රිය කඩා වැටී තිබේ. සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර දුම්රිය මැදිරියකට යට වී තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකු බේරාගෙන තිබේ.

ලෝකයේ කාර්යබහුලම නගරයක් අතරින් එකක් වන මෙක්සිකෝ නගරයේ මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර ඒ සම්බන්ධව පරික්ෂණ ආරම්භ කර ඇති බවට මෙක්සිකෝ නගරයේ නගරාධිපතිවරයා විසින් පවසා තිබේ.

ප්‍රදේශවාසීන් චෝදනා කර තිබුණේ 2017 වසරේ දී ඇති වූ භූමිකම්පාව හේතුවෙන් මෙම දුම්රිය මාර්ගයේ පාදම ඉරි තලා තිබුණු බවයි. කෙසේ වෙතත් බලධාරීන් විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ එය නිසි පරිදි නඩත්තු කටයුතු සිදු කළ බවයි.

මෙම අනතුර සිදුවන ආකාරය දැක්වෙන CCTV දර්ශනද සමාජ මාධ්‍ය තුළ පළවී තිබුණි. එම වීඩියෝව පහතින්,

අනතුරේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)